Friday, June 5, 2026
spot_img
spot_img

විශ්ව විද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අවසන් වන දිනය ගැන දැනුම්දීමක්

2023 වර්ෂයට අදාළ ව විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව 2023 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ සමත් සිසුන් 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වනවිට (04) අයදුම්පත් කැඳවා ඇති බවයි.

ඒ අනුව, පසුගිය වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට අන්තර්ජාලය මගින් අයදුම් කිරීමේ අවසාන දිනය මෙම වසරේ ජූලි මස 05 එනම් හෙට දිනයෙන් අවසන් වන බවද එහි සඳහන් වනවා.

මෙතෙක් එම කටයුතු අවසන් නොකළ සිසුන් අදාළ අයදුම්පත විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් යොමු කරන ලෙසට ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිහි කැඳවීමක් කර තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...