spot_img
spot_img

ආනයනික කිරිපිටි මිල ගැන දැනුම්දීමක්

ආනයනික කිරිපිටි මිල යළිත් අඩු කිරීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිල මට්ටමෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.

පසුගිය මාසයේදී ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 60කින් සහ කිලෝග්‍රෑම් එක රුපියල් 150කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් පියවර ගනු ලැබුවා.

ඒ අනුව අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, මේ වන විට වෙළෙඳපොළේ විවිධ මිල ගණන් යටතේ කිරිපිටි අලෙවි වන අතර තවදුරටත් කිරිපිටි මිල අඩු කිරීම පිළිබඳ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේවෙතත්, නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කරන ආයතනයක් විසින් අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි යළිත් කිරිපිටි මිල අඩු කරන බවට ඊයේ (24) ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

ඒ අනුව, කිලෝග්‍රෑම් එකක ආනයනික කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 250ත් 350ත් අතර මිලකින් සහ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100ත් 140ත් අතර මිලකින් අඩු කිරීමට නියමිත බව වාර්තා වුණා.

අදාළ ප්‍රකාශයට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...