spot_img
spot_img

ඉරානය සහ ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තබයි

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එම සාකච්ඡාවෙන් අනතුරුව දෙරටෙහි නියෝජිතයින් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවති බවද වාර්තා වෙයි.

එම සාකච්ඡා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.

එම සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහක් අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මෙලෙස අත්සන් තැබූ ගිවිසුම් 5 පහතින්,

චිත්‍රපට කර්මාන්තයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම,

මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම,

ඉරාන සමුපකාර මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික සමුපකාර සභාව පිළිබඳ අවබෝධතා ගිවිසුම,

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික පුස්තකාලය සහ ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය අතර සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම,

සංස්කෘතිය විද්‍යාත්මක තාක්ෂණික සහයෝගීතා ජනමාධ්‍ය තරුණ සහ ක්‍රීඩා වැඩසටහනට අදාළ අවබෝධතා ගිවිසුම

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...