spot_img
spot_img

20-20 ලෝක කුසලානයේ තානාපති ලෙස හුසේන් බෝල්ට්

එළඹෙන ජුනි මස පළමුවනදා සිට ආරම්භ වන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තානාපතිවරයා ලෙස ඔලිම්පික් පදක්කම් ලාභී හිටපු කෙටිදුර ධාවන ශූර ජැමෙයිකාවේ හුසේන් බෝල්ට් පත්කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජුනි පළමු වනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

තමන්ට හිමි වූ මෙම නව අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් උසේන් බෝල්ට් ප්‍රකාශ කළේ,

“ඉදිරි ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා තානාපතිවරයෙකු වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. ක්‍රිකට් ජීවිතයේ කොටසක් වන කැරිබියන් දූපත්වලින් පැමිණි මගේ හදවතේ ක්‍රීඩාවට සැමවිටම විශේෂ ස්ථානයක් හිමිව තිබෙනවා. ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් තරඟවලට සහභාගී වී ගෝලීය වශයෙන් ක්‍රිකට් වර්ධනයට දායක වීමට මම බලාපොරොත්තු වෙනවා.“

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...