spot_img
spot_img

ඡන්ද ප්‍රචාරක දැන්වීම් අලවන වාහනවලට දැනුම්දීමක්

දේශපාලන පක්ෂවලට අයත් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සිය වාහනවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය අනතුරු ඇඟවීමක් සිදු කරනවා.

ඒ අනූව වාහන හිමියන්ට පොලිසිය අවවාද කරන්නේ, එවැනි මැතිවරණ ප්‍රචාරක දැන්වීම් වාහනවල ප්‍රදර්ශනය නොකරන ලෙසයි.

එවැනි දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නීතිවිරෝධී බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසන්නේ.

එබැවින් හදුනා ගන්නා එවැනි වාහන නවත්වා පොලිසිය විසින්ම දැන්වීම් ඉවත් කිරීමට කටයුතු කරන බවද පොලීසිය පවසනවා.

එවනි අවස්ථාවලදී ස්ටිකර් හෝ පෝස්ටර් ඉවත් කිරීමට කටයුතු කිරීමේදී වාහන මතුපිටට හානි සිදුවීමට අවදානමක් පවතිනවා.

එම නිසා එවැනි දැන්වීම් සිය වාහනවල ඇත්නම් ස්වේච්ඡාවෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙස පොලිසිය වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...