spot_img
spot_img

රනිල්ගේ පඩි වැඩි කිරීමට එරෙහිව සජබෙන් පැමිණිල්ලක්

තැපැල් ඡන්දය සලකුණු කිරීම හෙට (04) දිනයට යෙදී ඇති පසුබිමක,ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බව පවසා ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබෙනවා.

එමගින් පෙන්වා දී ඇත්තේ අදාල නිවේදනයේ ඇති කරුණුවලට අනුව ඉන් මැතිවරණ නීති උල්ලංඝනය වී ඇති බවයි.

එම නිසා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට සහ අදාල නිවේදනය ඉල්ලා අස්කරගන්නා ලෙසට දක්වමින් සමගි ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබෙනවා.

2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළ දැමීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන බව ඊයේ (03) ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...