spot_img
spot_img

රනිල් දක්ෂයෙක් නෙවෙයි වැඩිම ණය ගත්තේ එයා – සමන් විද්‍යාරත්න

වැඩිම ප්‍රමාණයක් ණය ලබා ගත් සහ වැඩිම ප්‍රමාණයක් ජාතික දේපළ විකුණූ කෙනා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු එතරම් දක්ෂ කෙනෙකු නොවන බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ, රටේ මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය කල් ඉකුත් වී ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ, බදුල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් විද්‍යාරත්න මහතා :

“රනිල් දක්ෂයෙක් නෙවෙයි, වැඩිම ණය ගත්තේ එයා, වැඩිම ජාතික දේපළ වික්කේ එයා. ඇත්තටම එක්සත් ජාතික පක්ෂය කියලා එකක් අඳුරගන්න තියෙනවද, නිල් පාට කඳවුරක් කියලා එකක් අඳුරගන්න තියෙනවද එච්චරටම ඒවා කලවම් වෙලා අවලම් ගමන් ගිහිල්ලා. නිමල් ,චාමර ඔය ගිය රොත්ත බුරුත්තම ගිය සැරේ මේ ගම්වලට ඇවිල්ලා අපේ හැට නව ලක්ෂයක් වෙච්ච ජනතාවට කිව්වා, රට වැටුණා මහ බැංකුව හොරකම් කරපු නිසා,අපිට ඒ හොරා අල්ලන්න වරමක් දෙන්න. දැන් මේ සැරේ ඒ නිමල් ඇතුළු පිරිස ඇවිල්ලා කියනවා අපි ඒ හොරාට දැන් වැඩ ඒ හොරා ජනාධිපති කරන්න දෙන්න කියලා. ඒ හින්දා මේ රටේ රනිල්ලගේ රාජපක්ෂලගේ දේශපාලනය කල් ඉකුත් වී ඇති කියලා මතක තබා ගන්න”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...