spot_img
spot_img

අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු අයට දැනුම්දීමක්

දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමග ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 04 හි අස්වැසුම ප්‍රතිලාභ යටතේ රුපියල් 2,500 දීමනාව මෙලෙස ලබාදීමට නියමිතයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, මෙම දිස්ත්‍රික්කවල අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අඩු ලකුණු ප්‍රමාණයක් හිමි විශාල පිරිසක්ද ලේඛනවලට ඇතුළත් වීම හේතුවෙන් එම දිස්ත්‍රික්කවලට හිමි කෝටාව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගතව තිබූ බවයි.

කෙසේ වෙතත්, අමාත්‍යවරයා සඳහන් කළේ, අප්‍රේල් මස මුල් සතිය තුළ මෙම ගැටලු සියල්ල නිවැරදි කර රුපියල් 2,500ක දීමනාවට හිමිකම් කියන, එහෙත් අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම ආරම්භ කළ 2023 ජූලි මස සිට මේ දක්වා එම ප්‍රතිලාභ නොලැබූ සියලුදෙනාට ද හිමි හිඟ මුදල් සමඟ එම ප්‍රතිලාභ ලබාදීමට අස්වැසුම ප්‍රතිලාභ මණ්ඩලය පසුගිය සතියේ තමා සමඟ පැවති සාකච්ඡාවේදී එකඟතාවය පළ කළ බවයි.  

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...