spot_img
spot_img

අධිවේගී මාර්ගවල මෙහෙයුම් කටයුතු පෞද්ගලික අංශයට

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ පෞද්ගිලක අංශය ඒකාබද්ධව සිදුකරන නීතිමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් පසු මාස හයක් ඇතුළත අදාළ සියලු වත්කම් ඔවුන්ට පැවරීමට ද නියමිතව ඇති බව සඳහන්ය.

අදාළ කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගිය 25 වැනිදා පැවැති කැබිනට් රැස්වීම වෙත ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව, අධිවේගී මාර්ගජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම් සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වාණිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...