spot_img
spot_img

ඉන්ධන මිලේ වෙනසක් : නව මිල ගණන් මෙන්න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීමට තීරණය කර තිබෙනවා

එහි නව මිල රුපියල් 440 ක්.

එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 386 ක්.

භූමිතෙල් මිල ලීටරයක රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 245 ක්.

කෙසේ වෙතත් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් වල සහ ඔටෝ ඩීසල් වල මිලෙහි වෙනස් සිදු වී නැහැ.

මේ අතර, SINOPEC හා IOC ඉන්ධන මිලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිලට සමාන වන පරිදි අද (01) සිට සංශෝධනය කර ඇති බව එම සමාගම් පවසනවා.

ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්.

මිල අඩු වූ ඉන්ධන:

 පෙට්‍රල් 95 – රු. 7 කින් (නව මිල රු.440)

 සුපිරි ඩීසල් – රු. 72 කින් (නව මිල රු.386)

 භූමිතෙල් – රු. 12 කින් (නව මිල රු.245)

මිල නොවෙනස්වන ඉන්ධන:

 පෙට්‍රල් 92 – ( මිල රු.371)

 ඔටෝ ඩීසල් – (මිල රු.363)

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...