විදුලි ගාස්තු සංශෝධනය අද (15) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, විදුලි බල මණ්ඩලය යොමු කළ ගාස්තු සංශෝධන යෝජනාව, විදුලි බල මණ්ඩලය මගින් ලබාගත් දත්ත සහ මහජන අදහස් විශ්ලේෂණය කිරීමෙන් පසු විදුලිය ගාස්තු සංශෝධනය කරන බවයි.
මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද ඔහු සඳහන් කළේ ය.
සභාපතිවරයා පැවසුවේ, අද පස්වරුව වන විට විදුලිය ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත්කරන බවයි.
මේ අතර, විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා පැවසුවේ, විදුලිය ගාස්තු 30% කින් පමණ පහළ දැමීමට කටයුතු කරන බවයි.
Comments




