spot_img
spot_img

පාස්පෝට් පෝලිමට හේතු කියන නාමල්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට දින කිහිපයක් මුළුල්ලේ දිගු පෝලිම් දක්නට ලැබුණේ තක්ෂණයත් සමඟ රාජ්‍ය සේවය බද්ධ නොකිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (28) හක්මණ නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

“බෙලිඅත්ත නගරයටත් වඩා සවර්ධන කාලයක් මහින්ද රාජපක්ෂ කාලයේ හක්මණ නගරයට සිද්ධ වුණා.මේ පාරේ මේ කොනෙන් පටන් අරන් එහා කොන වෙනකන් අලුතෙන්ම නගරයක් හැදුවා. එදා සංවර්ධනය කරන්න මුදල් තිබ්බා. මුදල් දුන්නා සහ විශේෂයෙන්ම රටේ නායකයාට උවමනාව තිබ්බා….

2015 දී මේ සියල්ලම අතරමග නතර වුණා. ඒක නිසා අපට වගකීමක තියෙනවා. නැවත වතාවක් 2015 මහින්ද රාජපක්ෂ නවත්තපු තැනින් නැවත වතාවක් සැප්තැම්වර් මසයේ 21න් පස්සේ ඒ සංවර්ධනය ගමට ගේන්නත් ලංකාව ආසියාවේ දියුණුම රට බවට පරිවර්තනය කිරීමේ වගකීමත් අපි භාරගන්නවා….

රාජ්‍ය සේවය තුළින් ජනතාවට මේ සේවාවක් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා පෝලිම්වල ඉන්න එක අයින් කරන්න ඕනේ. අපි ඒක කරනවා. පරිභෝජනය අඩු කරලා මිල වැඩි කරලා තෙල් පෝලිම අයින් කරාට පාස්පෝට් පෝලිම අයින් කරන්න බැරි වුණේ ඇයි? ඒකට හේතුව තමයි තක්ෂණයත් එක්ක මේ රාජ්‍ය සේවය බද්ධ නොකරපු නිසා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...