spot_img
spot_img

පුංචි ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රතිඥාවක්

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද (28) රැස්වූ මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක් කර තිබුණා.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතියෙන් පැවරී ඇති බලතල හා කාර්යයන් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන වලින් සහය ලබා ගන්නා බවට ලාංකික ජනතාවට ප්‍රතිඥා දෙන බව එහිදී මැතිවරණ කොමිසම කියා සිටියා.

අත්තනෝමතික හා අනීතික ක්‍රියා මගින් 2023 වසරේ පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා ලෙස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 22 වැනිදා තීරණය කර තිබුණා.

එහිදී අධිකරණය පෙන්වා දුන්නේ, මැතිවරණ ක්‍රියාවලිය නිසියාකාරව සැලසුම් කිරීමට සහ කළමනාකරණය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අපොහොසත් වූ බවයි.

අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගීතාවය සුරක්ෂිත කිරීමට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීමට කොමිෂන් සභාව සිය බලතල ක්‍රියාත්මක නොකළ බව ද අධිකරණය පෙන්වා දුන්නා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...