ෂැන්ෂාන් සුළි කුණාටුව අද (29) අලුයම ජපානයේ ප්‍රධාන දකුණු දූපතක් වන කියුෂු වෙත ළඟා වි තිබෙනවා.
එරට බලධාරීන් විසින් පුද්ගලයින හට ඉවත් වන ලෙස උපදෙස් ලබාදී තිබෙන අතර සුළං සහ කුණාටු ඇතිවීම සඳහා ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටමද මේ වනවිට නිකුත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කාලගුණ කාර්යාලය පැවසුවේ මේ වසරේ ජපානයේ බලවත්ම සුළි කුණාටුව පෙරවරු 8:00ට පැයට කිලෝමීටර් 252 (සැතපුම් 157) දක්වා වේගයෙන් හමා ගිය බවයි.
නිවාස 254,610 ක් දැනටමත් විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ජපාන කාලගුණ විද්‍යා කාර්යාලය පවසන්නේ “ප්රචණ්ඩ කුණාටු, උස් රළ සහ උස් උදම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීම් Kagoshima කලාපයට නිකුත්කර ඇති බවයි.
“බටහිර ජපානයේ සිකුරාදා ළං වන විට අධික වර්ෂාව හේතුවෙන් ව්‍යසනයක් ඇතිවීමේ අවදානම ශීඝ්‍රයෙන් උත්සන්න විය හැකි බවයි එම කාර්යාලය සඳහන්කර තිබෙනවා
කුණාටුවත් සමඟ ධාරානිපාත වර්ෂාව ජපානයේ බොහෝ ප්‍රදේශවලට අඟහරුවාදා සිට ඇද හැලෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා.
southern Kyushu සඳහා හෙට උදෑසන සිට පැය 48 දක්වා මිලිමීටර් 1,100ක දැවැන්ත වර්ෂාපතනයක් ඇති විය හැකි බව ජපන් කාලගුණ කාර්යාලය වැඩිදුරටත් සඳහන්කර සිටිනවා.




