spot_img
spot_img

කෙහෙළියගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම වෙයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (22) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සමට අදාළ ලේඛන තමන් වෙත ලැබී නොමැති බවයි.

ඒ අනුව අදාළ ලේඛන නීතිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන් විනිසුරුවරයා, අනතුරුව පෙත්සම සලකාබැලීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙස නියෝග කළා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...