Sunday, May 10, 2026
spot_img
spot_img

මිහින්තලේ අනුලා චෛත්‍ය මිලියන 300කට විකුණලා – රනිල්ට චෝදනාවක්

1921 වසරේදී බ්‍රිතාන්‍ය පාලනය විසින් පුරාවිද්‍යා භුමියක් ලෙස ගැසට් කර ඇති මිහින්තලය, මැදවච්චිය මාර්ගයේ මිහින්තලා පුදබිමෙන් කිලෝමීටර් දෙකක් පමණ උතුරු දෙස පිහිටි චෛත්‍යයක් සහ නටබුන් සහිත භුමියක් මිලියන 300කට විකුනා දමා ඇතැයි මිහින්ත‍ලේ රාජමහා විහාරස්ථානාධිපති පූජ්‍ය වලහා හැංගුනවැවේ ධම්මරතන හිමි චෝදනා කරනවා.

මෙම සිදුවීම වර්තමාන රජය පැමිණීමට පෙර සිදුව ඇති බවත් රනිල් වික්‍රමසිංහ සහ විදුර වික්‍රමනායක ඇතුලු කණ්ඩායම විසින් මෙම විකිනීම සිදුකර ඇති බවත් මිහින්ත‍ලේ රාජමහා විහාරස්ථානාධිපති හිමියන් චෝදනා කරනවා.

මෙම චෛත්‍යය සුවිශාල ගල්තලාවක් මත පිහිටා ඇති අතර ඒ අවට ගොඩනැඟිලි මෙන්ම සෙල්ලිපිද දක්නට ලැබේ. එහි අනුලා තෙරණියගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇතැයි සඳහන්.

2021 වසරේ අවසන් කාලයේ එහි සංරක්‍ෂණ කටයුතු හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අනුර මනතුංග මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ කෙරිණි. එහිදී සිදු කෙරුණු කැණීම් මඟින් අනුලා තෙරණියගේ ධාතූන් වහන්සේ යැයි විශ්වාස කරන ධාතූන් වහන්සේ මෙන්ම එවකට පූජා කරන ලද පූජනීය වස්තූන්, පබළු, කාසි වැනි පුරාවස්තූන්ද සොයා ගනු ලැබීය.

කෙසේවෙතත් වලහා හැංගුනවැවේ ධම්මරතන හිමි චෝදනා කරන්නේ මෙම දාගැබ මේ වනවිට හොර රහසේම තායිවානයට විකුනා දමා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද සිදුකිරීමට කටයුතු කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...