spot_img
spot_img

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි – මන්දිරවල වටිනාකම දැන්වත් තෙරුන් ගන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුරාධපුර සංචාරය අවස්ථාවේදී ව්‍යාපාරික කාන්තාවකට අයත් පුද්ගලික හෝටලයක නවාතැන් ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද පැවති කැබිනට් රැස්වීමේදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාගෙන් පැනයක් ඇසූහ.

ඒ සඳහා පිළිතුරු ලබාදීමෙන් අමාත්‍යවරයා පැහැදිලි කළේ, ජනාධිපතිවරයා සදාචාරානුකූලව යොදා ගන්නා නිල නේවාසිකාගාර දෙකම කොළඹ සහ මහනුවර පිහිටා ඇති බැවින්, දිවයිනේ වෙනත් ප්‍රදේශයන් වෙත සංචාරයන් දිනපතා පැවැත්වෙන විට, හෝටල්වල නවාතැන් ගැනීමේ අවශ්‍යතාවක් ඇතිවන්නේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මෙවන් අවස්ථාවලදී නවාතැන් පහසුකම් ලබා ගැනීම ආරක්ෂක අංශවල සමීක්ෂණය සහ අනුමැතිය මත ක්‍රියාත්මක වන නියමිත ක්‍රමවේදයකට අයත් බවයි.

නවතැන් ගන්නා හෝටලයක හිමිකරු කාන්තාවක්ද පිරිමියෙක්ද යන්න, මෙවැනි රාජකාරිමය සංචාර සම්බන්ධයෙන් විශේෂයක් නොපවතින බවත්, එය අවශ්‍ය නොවන ප්‍රශ්නයක් බවත් ඔහු අවධාරණය කළේ

කෙසේ වෙතත් මේ පිලිබදව ගැබුරින් විමසා බැලීමේදී ජනාධිපති මන්දිරවල අවශ්‍යතාවය මානව පැහැදිලි වෙනවා.

මින් පසුව පත්වන ජනාධිපති වරුන්ටද මෙලෙස අනුරට මෙන් නවාතැන් පහසුකම් දීමට අය සිටිය හැකියි කාටනම් කිව හැකිද?

ඉගෙන ගනිමින් ඉස්සරහට යන ආණ්ඩුව දැන්වත් ඉගෙන ගත යුත්තේ අවශ්‍ය දේවල් මොනවාද අනවශ්‍ය දේවල් මොනවද යන්න මුලික කාරණා පැහැදිලිව හදුනා ගැනීම නොවේද?

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...