දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබී තිබුණ අතර ඒ අනුව යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත.
එම යෝජනාවට විරුද්ධව කිසිඳු ඡන්දයක් ලැබී නොතිබුණ අතර එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි නෙරපා හරිනු ඇත.
එම යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතය.
Comments




