spot_img
spot_img

ගාසාව මුළුමනින්ම අත්පත් කරගන්න නෙතන්යාහු ගහපු ප්ලෑන් එකට කැබිනට් අනුමැතිය

ගාසා තීරයේ ඊශ්‍රායල පාලනයේ නොමැති ප්‍රදේශයක් වන ගාසා නගරය මුළුමනින්ම අත්පත් කරගැනීමේ බෙන්ජමින් නෙතන්යාහුගේ සැලැස්ම ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ඊයේ (7) රාත්‍රියේ රැස්ව තිබෙනවා.

මෙම රැස්වීමේදී නෙතන්යාහු විසින් ගාසා නගරය සම්පූර්ණ හමුදා පාලනයකට අත්පත් කරගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කර ඇති බව වාර්තා වේ.

මේ අතර ගාසා භූමියට උතුරින් පිහිටි මෙම ගාසා නගරය හැරෙන්න, ඊශ්‍රායලය මේවන විටත් ගාසා තීරයෙන් 75%ක් පමණ පාලනය කරනු ලබනවා.

එනිසා එහි දේශසීමා රැසක් ඔවුන් විසින් මුද්‍රා තබා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ගාසා තීරයේ සම්පූර්ණ පාලනය ලබා ගැනීමට නම්, එහි මිලියන දෙකක ජනගහනයෙන් වැඩි කොටසක් රැකවරණය පතා ඇති විනාශ වී නොමැති ප්‍රදේශවල ද භූමි මෙහෙයුම් දියත් කිරීමට ඊශ්‍රාලයට සිදු වෙන බව වාර්තා වේ.

ඒ අනුව ඊශ්‍රායලයේ මෙම තීරණය හමාස් විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ජීවමාන ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිතවලට අනතුරක් ඇතිවනු ඇති බවට ද තොරතුරු ලැබෙයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...