Sunday, May 10, 2026
spot_img
spot_img

සෑම විනාඩි 45කටම සැරයක් එක් ජීවිතයක් දවසට මරණ 29ක්- භයානක හෙළිදරව්වක්

විවිධ ආකාරයේ විවිධ සිදුවීම් මත සිදුවන අවාසනාවන්ත හදිසි අනතුරු හේතුවෙන් දෛනිකව විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිවන බවට හෙළිවී තිබේ. ඒ අනුව හදිසි අනතුරු හේතුවෙන් දෛනිකව පුද්ගල මරණ 29ක් පමණ සිදුවන බව බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසයි.

ඒ අනුව සෑම විනාඩි හතළිස් පහකටම වතාවක් මෙරටදි අනතුරු හේතුවෙන් එක්අයකු මියයයි. විශේෂඥ වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනතුරු නිවාරණය සම්බන්ධයෙන් ඊයේ (22 වැනිදා) පදනම් ආයතනයේදි පැවැති මාධ්‍ය වැඩමුළුවට එක්වෙමිනි.

වර්ෂයකට පුද්ගලයන් 10600 කු හදිසි අනතුරු හේතුවෙන් මියයන බවත් එම අනතුරු වළක්වා ගැනීමට හැකියාව පවතින බවත් ඔහු අවධාරණය කළේය.

එසේම වසරකට පුද්ගලයන් 1500 දෙනකු අනතුරු හේතුවෙන් ඇද වැටී මියයන බවද දත්ත වාර්තා පෙන්වා දෙයි. ප්‍රජා විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම අනතුරු වළක්වා ගැනීමට සෑම දෙනාම අවධානයෙන් කටයුතු කළයුතු බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...