Saturday, May 9, 2026
spot_img
spot_img

පෙට්‍රෝලියම්හි දැවැන්ත රැකියා කැපිල්ලක්.. 1000ක් ගෙදර

සේවකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමේ වැඩසටහන යටතේ සේවක සේවිකාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

මෙවැනි සේවක කප්පාදුවක් සිදුවන්නේ වසර 35 කට පමණ පසු වීම සුවිශේෂී වෙයි.

එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සංස්ථාවේ වර්තමාන සේවක සංඛ්‍යාව තුන්දහසක් පමණ වන බවයි.

නව සැළසුම අනුව එම සංඛ්‍යාව දෙදහස් තිස් එකක් (2031) දක්වා අඩු කිරීමට තීරණය කළ බව ඔහු අවධාරණය කළේය.

2012 වසරෙන් පසු මෙම වසර දක්වාම සේවකයන් 3,000 ක් පමණ ඛණිජ තෙල් සංස්ථාවේ සේවය කර තිබෙන බවත්, නව ක්‍රමවේදය හරහා අත්‍යවශ සේවකයන් පමණක් රඳවා ගන්නා බවත් ඔහු පැවසුවේය.

මෙම ක්‍රමවේදය සඳහා අනුමැතිය මේ වන විටත් ලැබී ඇත. එය ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

කෙසේ නමුත් මෙම ක්‍රමවේදය හරහා කිසිසේත්ම වර්තමානයේ ඛනිජ තෙල් සංස්ථාවේ සේවය කරන පුද්ගලයන්ට අසාධාරණයක් නොවන බව කළමනාකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් විශාල ප්‍රමාණයක් මෙම වසර තුළ දී සහ ඉදිරි වසර තුළ විශ්‍රාම යෑමට සිටින බැවින් ඔවුන්ගෙන් පසු එම තනතුරුවලට වෙනත් කිසිදු අයකු බඳවා ගැනීමක් නොකරන බව හෙතෙම පැවසුවේය.

එමෙන්ම සංස්ථාවේ මින් ඉදිරියට රඳවා ගන්නේ අත්‍යවශ්‍යම සේවකයන් බැවින් අනෙක් සේවකයන්ට අසාධාරණයක් නොවන ආකාරයට ඔවුන්ව වෙනත් ආයතනවලට අනුයුක්ත කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...