spot_img
spot_img

තව ටික දවසකින් පාස්කු මිනීමරුවන් එලියට

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී සරත් කුමාර සඳහන් කරන්නේ දැනට අත්අඩංගුවේ පසුවන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිකරමින් සිටින බවයි.

මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ලගදීම රටට අනාවරණය කරන බවද නිවාස නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

නියෝජ්‍ය අමාත්‍ය ටී. බී සරත් කුමාර සඳහන් කළේ,

“අපි පහු කරේ මිනීමරු යුගයක්. මේ යුගයේ සංඛ්‍යා ලේඛණ අපිට දැන් හමුවෙමින් තියෙන්නේ. සමහර බස් බෝම්බ පුපුරලා තියෙනවා පාලකයෝ දැනගෙන. බෝම්බේ පුපුරපු පාලකයෝ එතනට ගිහින් බලනවා වේදනාව, කඳුල, හඬාවැලපෙනවා. ශානි අබේසේකර තනතුරට එනකොට වැඩියෙන්ම බියවෙලා කෑ ගැහුවේ වරදවල් කරපු අය. ඒගොල්ලෝ දන්නවා තව ටික දවසකින් එළියට එයි වාර්තා, ඒ එනකොට අපි කාටත් හිතාගන්න බැරි දේවල් සිදු කරපු පාලකයන් පිළිබදව හරියට තොරතුරු, දත්ත එළියට එයි. පිල්ලෙයාන්ලා විතරක් නෑ, පිල්ලෙයාන්ගේ ගෝලයොත් දැන් අහුවෙමින් ඉන්නවා. තව ටික දවසකින් පාස්කු ප්‍රහාරයේ මිනීමරුවෝ රටට ගේනවා. දැනටත් විදේශගතවෙලා ඉන්න අය අත්අඩංගුවට ගෙන තියෙනවා.”

නියෝජ්‍ය අමාත්‍ය ටී. බී සරත් කුමාර මේ බව සඳහන් කරනු ලැබුවේ පොලොන්නරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...