Saturday, May 9, 2026
spot_img
spot_img

එක් හෙදියක් හෝ නොමැති රෝහල් 33ක්

සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ උතුරු පළාතේ එක් හෙදියක් හෝ නොමැති ප්‍රාදේශීය රෝහල් 33ක් පවතින බවයි.

ඉදිරියේදී නව හෙද පත්වීම් ලබාදීම හරහා කඩිනමින් එම පුරප්පාඩු සපුරාලීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසයි.

ඔහු මේ බව පැවසූවේ නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ සිදුකෙරිණි.

නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල තුළ හදිසි අනතුරු ඒකකයක්, ඖෂධ ශාලාවක්, එන්නත් කාමරයක්, දන්ත ඒකකයක්, හෙද විවේකාගාරයක්, ඊ.සී.ජී ඒකකයක්, ශල්‍ය ඒකකයක්, ප්‍රාථමික සත්කාර ඒකකයක් මෙන් ම සනීපාරක්ෂක පහසුකම්වලින් ද යුක්තය.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් යාපන අර්ධත්වීපයට පැමිණි මුල්ම අවස්ථාව මෙය වන බවත්, එහිදි පැමිණි ප්‍රථම රෝහල නයිනතිවි රෝහල බවත් අමාත්‍යවරයා ප්‍රථමයෙේම සිහිපත් කළේය.

මෙවැනි ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන රට පුරා ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට පසුගිය මාස කිහිපය තුළ සවිස්තර සැලසුමක් සකස් කරමින් සිටින බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසී ය.

මෙරට සෞඛ්‍ය සේවාව පරිවර්තනයකට ලක් විය යුතු බවත් ලෝකයේ සෞඛ්‍ය සේවාවන් පරිවර්තනයට ලක්ව ඇති බව ද මෙහිදී සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාව ජනතාව කේන්ද්‍ර කර ගත යුතු බවත්, පැවතුනේ වෛද්‍යවරයා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් බව ද ජනතාව පුරුදුව තිබෙන්නේ දුර ගෙවා ගොස් ප්‍රතිකාර සේවා ලබා ගැනීමට බවත්, යාපනය රෝහලේ ද රෝගී තදබදයට එම තත්ත්වය හේතු වී ඇති බව ද පැවසී ය.

මෙවැනි දුපත්වල ප්‍රාථමික සත්කාර ඒකකවලින් වඩා ගුණාත්මක සේවාවක් ලබා දිය හැකි බවත් වසර 10 ක් 12 ක් වැනි දිගු කාලයක් ගොඩනැගිලි ඉදිකෙරෙද් දී මෙම ගොඩනැගිල්ල නාවික හමුදාව විසින් ඉතා කෙටි කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට කටයුතු කිරීම සතුටට කරුණක් බව ද පැවසී ය.

ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ජනතාව පොලිම්වල නොතබා නවීන තාක්ෂණය ද යොදා ගනිමින් වේලාවක් ලබා දී ප්‍රතිකාර සඳහා යොමු කර ගැනීමට බලාපොරොත්තු වන බව ද ජනතාවට අවශ්‍ය වන්නේ එවැනි සේවාවක් බව ද අමාත්‍ය්‍යවරයා මෙහි දී පැවසී ය.

එමෙන් ම වෛද්‍ය උපකරණ සහ ගිලන් රථ ඇතුළු රථවාහන අළුත්වැඩියා කටයුතු අංශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දුර්වල බවත්, ඉදිරියේ දී මිල අධික වෛද්‍ය උපකරණ හා ගිලන් රථ ඇතුළු වාහන ලබාදීමේ දී එම භෞතික සම්පත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ආයතන සමඟ කළමනාකරණයට කටයුතු යොදන බවත් රෝහලේ ගිලන් රථ අවශ්‍යතාව සපුරාලන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...