spot_img
spot_img

සජිත් ප්‍රේමදාසට ජීවිත තර්ජන ?

සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බවට සක්සුදක් සේ පැහැදිලිව පෙනන අවස්ථාවක ඔහුගේ ජීවිතයට හානියක් සිදු නොවී ආරක්ෂාව ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

ඔහු පවසන්නේ රටේම ජනතාව සජිත් ප්‍රේමදාස මහතා වටේ පෙළ ගැහී සිටින අවස්ථාවක ඔහුගේ ජීවිතයට හානියක් කිරීමට උත්සහ ගතහොත් එම උත්සහය වැළැක්වීමේ වගකීම ආරක්ෂක අංශවලට සහ පොලීසියට පැවරෙන බවයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි මහතා :

” කට ඇරියොත් කියන්නේ කෝ සජිත් කොහෙද හිටියේ කියලා සජිත් හිටියේ මිනිස්සුත් එක්ක. කෝ රනිල්? ඔයා කොහෙද හිටියේ? එයා හිටියේ රාජපක්ෂලාගේ හුරතලා වෙලා. පරදින බව දන්නකොට එතුමා දැන් මරු ඉඟලෙන් ඉන්නේ. අපි අද ආරක්ෂක අංශ වලට පොලීසියට කියනවා අනතුරු අඟවනවා යම් විදියකින් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව සක්සුදක් සේ පැහැදිලිව තියෙන වෙලාවක රටේම ජනතාව එතුමා වටේ පෙළ ගැහිලා ඉන්න වෙලාවක එතුමගේ ජීවිතයට හානි කරන්නට උත්සහ ගත්තොතින් එම උත්සහය වැළැක්වීමේ වගකීම ආරක්ෂක අංශ සහ පොලීසියට තියෙනවයි කියන දේ පැහැදිලිවම තේරුම්ගන්න.අවශ්‍ය ආරක්ෂාව දෙන්න”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...