spot_img
spot_img

තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබූ පිරිස ගැන හෙළිදරව්වක්

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

එලෙස ඉල්ලුම්කර ඇති ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි වාර්තාවන්නේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව හෙළිකළා.

එළැඹෙන 26 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ පත්‍රිකා අදාළ ආයතන වෙත යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසනවා.

සැප්තැම්බර් මස මුල් සතියේ දින තුනක කාලයක් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළා.

මේ පිළිබඳව අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා,

“තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු දැන් අවසන් වෙලා තියෙනවා. තැපැල් ඡන්ද ලකුණු කිරීම ඉදිරි දින කිහිපය තුළ ලබන මාසයේ මුල පවත්වන්න සුදානම් කරලා තියෙනවා. මේ මාසේ 26 වනදා ඒ අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ ආයතනවලට නිකුත් කරන්න සුදානම් කරලා තියෙනවා. තැපැල් ඡන්ද ලකුණු කිරීම සැප්තැම්බර් 4 වෙනිදා සියලුම දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාල, කච්චේරිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පොලීසිවල තැපැල් ඡන්ද දායකයින් සඳහා 4 වෙනිදා වෙන් කරලා තියෙනවා. 5 සහ 6 වෙනිදා අනෙක් සියලු ආයතන සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබේ. එසේත් නොමැති වන අයට සැප්තැම්බර් 11 සහ 12 වෙනිදා ඒ සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කරලා තියෙනවා.”

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර, ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත්ව සිටිනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...