spot_img
spot_img

ඊශ්‍රායලයේ ඇතුළටම ගොස් සිදුකළ ප්‍රහාරයේ වගකීම භාරගෙන

පසුගිය ඉරිදා ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ ආගමික මධ්‍යස්ථානයක් අසල සිදුකළ බෝම්බ ප්‍රහාරයේ වගකීම හමාස් සහ ඉස්ලාමික් ජිහාඩ් සංවිධාන වල සන්නද්ධ කණ්ඩායම් විසින් භාරගෙන තිබෙනවා.

ඊශ්‍රායල පොලීසිය සහ ෂින්බෙත් බුද්ධි සේවය එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වාදී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

එහිදී බෝම්බය රැගෙන යමින් සිටි පුද්ගලයා මියගිය අතර ඒ අසල සිටි තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබුණා.

ඊශ්‍රායලයේ වාණිජ අගනගරය ලෙස ටෙල් අවීව් සැලකෙනවා.

පොලීසිය පවසන්නේ එම පුද්ගලයා, ජනාකීර්ණ ප්‍රදේශයට බෝම්බය රැගෙන යමින් සිටින අතරතුරදී එය පුපුරා ගොස් ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...