spot_img
spot_img

ලාල් කාන්තා කෙවිට අතට ගනී

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබෙනවා.

පොල්, පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර බෝග වලට විශාල හානියක් කරන රිලවුන් හා අනෙකුත් සත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්‌ම දෙපාර්තමේන්තුව, ගොවි කටයුතු පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, ඇතුළු ආයතන 15ක් පමණ නියෝජිතයින් සහභාගී වී ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදී විවිධ ක්‍රමෝපායන් යොදාගෙන හානිකර සත්ව ගහණ ව්‍යාප්තිය පාලනයට හා බෝග වලට සිදුවන හානි වැලැක්වීම වෙනුවෙන් කටයුතු කිරීම සඳහා එම විශේෂ ඒකකය ස්ථාපිත කෙරුණ.

එමෙන්ම වගා හානි වැලැක්වීම සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙලක් අනුව කටයුතු කිරීමට ද සැලැසුම් සකස් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...