දික්වැල්ල, වලස්ගල ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේ අද (21) අලුයම 5.30ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසනවා.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, එම පුද්ගලයා එම ස්ථානයේම මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 48ක් වූ වලස්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි පොලීසිය සදහන් කළේ.
වෙඩිතැබීම කවුරුන් විසින් සිදුකළේ ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.




