Monday, April 20, 2026
spot_img
spot_img

අධිකරණ ඇමති බන්ධනාගාර නිලධාරීන්ගෙන් කළ ආයාචනය

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් යෝජනා කරමින් කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවය.

ඔහු ඒ බව පවසා සිටියේ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ…”කොළඹ ඇතුළු බන්ධනාගාර කිහිපයක බන්ධනාගාර නිලධාරීන් අද දින අධිකරණයට ඉදිරිපත් කළ යුතු චුදිතයින් අධිකරණයට ඉදිරිපත් නොකර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. බන්ධනාගාර නිලධාරීන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බැඳී සිටිනවා. අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන නිලධාරීන්ට වෘත්තිය ක්‍රියා මාර්ගවලට යොමුවීමේ හැකියාවක් නැහැ. අධිකරණයට වගකීම් ඉටු නොකිරීම පිළිබඳ කුමන ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගනීවිද යන්න ප්‍රකාශ කරන්න බැහැ. 2013 වසරට පෙර පොලිස් සේවයේ නිලධාරීන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට සම මට්ටමේ ආකාරයෙන් වැටුප් වැඩීව්ම් සිදු කර තිබෙනවා. එහෙත් 2013 වසරේ සිට පොලිස් සේවයේ නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් සිදුකළත් බන්ධනාගාර නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් සිදුව නැහැ. ඒ නිසා වැටුප් විෂමතාවයක් තිබෙනවා. අපි මේ ගැටලුව පිළිබදව අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළා. අවධානය යොමු කළා. බන්ධනාගාර නිලධාරීන්ට වැටුප් වැඩීව්ම පිළිබදව 2023 ඔක්තෝම්බර් මස 09 වැනිදා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් අපි ඉදිරිපත් කලා. බන්ධනාගාර නිලධාරීන් රුපියල් 20,000ක දීමනාවක් ඉල්ලා සිටියා. නමුත් අමාත්‍යාංශයේ ලේකම්තුමා බන්ධනාගාර කොමසාරිස්තුමා ඇතුළු සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කළා. රුපියල් 20,000 දීමනාව වෙනුවට රුපියල් 15,000ක දීමනාවක් ලබාදීමට යෝජනා කළා. ඒ ඒ ශ්‍රේණිවලට අදාළ දීමනා තීරණය කරන තෙක් මෙම දීමනාව ලබාදීමට යෝජනා කළා. නමුත් ඒ අවස්ථාවේ සමස්ත රාජ්‍ය සේවයටම රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට රජය විසින් තීරණය කළා. නමුත් බන්ධනාගාර නිලධාරීන්ගේ දීමනාව වැඩිවීම පිළිබදව අවස්ථා කිහිපයකදි අපි සාකච්ඡා කළා. ඔවුන්ගේ වැටුප් ගැටලුව මුල්කර ගනිමින් ඔවුන් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ බව අපි පිළි ගන්නවා. නමුත් රටේ පවතින ආර්ථක තත්ත්වය පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. ඒ නිසා එම ඉල්ලීම් ඉටු කිරීමට රුපියල් 15,000ක දීමනාවක් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබදව අපි අමාත්‍ය මණ්ඩලය, ගරු ජනාධිපතිතුමා, මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරනවා. අපි ඔවුන්ගේ ප්‍රශ්නය නොසලකා හැර නැහැ. ඔවුන්ගේ ඉල්ලීම්වලට යුක්තිය හා සාධාරණත්වය ඉටු කළ යුතු බවට අපි පිළි ගන්නවා. නමුත් අධිකරණ ක්‍රියාවලිය කඩා කප්පල් කිරීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ඔවුන් අද දිනයේ සේවයට වාර්තා කර සැකකරුවන් අධිකරණයට ගෙන යාම ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුගිය කාලයේ බන්ධනාර නිලධාරීන්ගේ අතිකාල දීමනාව සීමා කර තිබුණා. ඒ ගැටලුවට විසදුම් ලබාදීමට කටයුතු කළා. 2013 වසර දක්වා පොලිස් සේවයට සහ බන්ධනාගාර නිලධාරී සේවයට සමාන ලෙස වැටුප් වැඩිවීම් සිදු වුණා. නමුත් 2013 වසරේ සිට පොලිස් සේවයට වැටුප් වැඩීවීම් සිදු කළත්, බන්ධනාගාර නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් වුණේ නැහැ. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන්ට අසාධාරණයක් සිදුව තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කළ යුතුයි. ඒ සදහා අවශ්‍ය පියවර ගන්නවා..”.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...