Monday, April 20, 2026
spot_img
spot_img

කෝටි හතක හෙරොයින් ගෙනා පකිස්තාන කත ගුවන්තොටේදී මාට්ටු

හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවා ගෙන පැමිණි විදේශීය කාන්තාවක් අද (20) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය 57 හැවිරිදි පාකිස්තානු ජාතික කාන්තාවක් වන අතර ඇය ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණෙන බව හඟවමින් මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් දරා තිබේ .

එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් හත් කෝටි තිස්පන් ලක්ෂයක් පමණ වන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීයෙන් කීවේය.

අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක වෙනම ඇසුරුමක් ලෙස මෙම හෙරොයින් තොගය සකස් කර සගවා ගෙන තිබූ අතර එහි කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 450 ක් බරැති හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් තිබූ බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...