spot_img
spot_img

ජෙරම් ප්‍රනාන්දුට රස පරීක්ෂක හමුවේ පෙනී සිටින්න නියෝග

දේව මෙහෙයක් අතරතුරදී බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක වන අයුරින් ප්‍රකාශයක් සිදුකළා යැයි චෝදනා එල්ල වී තිබෙන දේවගැති ජෙරම් ප්‍රනාන්දුට හඬ සාම්පලයක් ලබාදීම සඳහා අද (27) රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කර තිබෙනවා.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු එම නියෝගය කඩ කළහොත් වහාම මෝසමක් මාර්ගයෙන් අධිකරණය දැනුවත් කරන ලෙසද කෝසල සේනාධීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.

එමෙන්ම එළඹෙන 10 වැනිදා සිට ඔක්තෝබර් 23 වැනිදා දක්වා ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රස පරීක්ෂක වෙත යවා ඇති හඬ සාම්පලය සමඟ සංසන්දනය කිරීමට හඬ සාම්පලයක් ලබාදීම සඳහා පසුගිය 18 වැනිදා රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස ලියාපදිංචි තැපෑලෙන් ජෙරොම් ප්‍රනාන්දුට දැන්වූවත් ඔහු එම නියෝගය කඩකර තිබෙන බවයි.

එමෙන්ම මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීති විරෝධී වංචා විමර්ශන ඒකකය වෙනමම විමර්ශනයක් සිදුකරන බවද පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...