Monday, April 20, 2026
spot_img
spot_img

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශ කිරීම කල්යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම කල් දමා තිබේ.

ලබන සතිය තුළ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට පසුගිය සඳුදා දිනයේදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කරනු ලැබීය.

දින දෙකක් තුළ අපේක්ෂකයා කවුරුන් ද යන්න ප්‍රකාශට පත්කරන බව එහිදි සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගනු ලැබු තීරණයත් සමග එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව මේ වන විට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බැවින් ලබන සතිය තුළ ඒ පිළිබඳව ප්‍රකාශයට පත්කරන බව එම පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණයට පටහැනිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

අදාළ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධුර ද ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ අදහස් පළ කළේය.

“මට තේරෙන්නේ නෑ පොදුජන පෙරමුණ අවශ්‍ය මේ මැතිවරණය දිනන්නද? පරදින්නද? කියලා. ඒ නිසා පොදුජන පෙරමුණේ අති බහුතරය තීරණය කළා රනිල් වික්‍රමසිංහට සහාය දෙන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත්ත ඉතාම වැරදි තීරණයක් තමා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම. මේ වෙලාවේ රට ගොඩගන්න පුළුවන් කෙනෙක් විදියට අපි දකින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 80%ක් ජනාධිපතිවරයාට සහාය දෙන්න තීරණය කළා. පළාත් සභාවලත් 90%ක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න තීරණය කළා. පසුකාලීනව මේ ගත්ත තීරණය ගැන පොදුජන පෙරමුණ පසුතැවිලි වෙයි. පක්ෂය අපිව අයින් කරනවා නම් මහින්දානන්දලා, රත්වත්තේලා, අමුණුගමලා, ජයරත්නලා නැතුව පුළුවන් නම් ගිහින් මහනුවර දේශපාලනය කරන්න කියන්න. මිනිස්සු ඉන්නේ අපි එක්ක.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...