Friday, June 5, 2026
spot_img
spot_img

IMF නියෝජිතයින් අද ජනපති හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (01) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේය.

එහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

“අපි බලාපොරොත්තු වෙන්නේ, 4 වෙනි වාරිකය නිදහස් කරගැනීමට. කිසිදු ප්‍රමාදයකින් තොරව මැතිවරණ කාලය තුළත් ඒ වැඩසටහනේ කිසිදු ආකාරයක විතැන් වීමක් සිදුනොවී රටේ පවතින ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට අරන් යන්න. මොකද තුන්වෙනි සමාලෝචනය තුළ ලැබෙන 4 වෙනි වාරිකය යම් ආකාරයකින් ප්‍රමාද වුවහොත් එය ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරත්වය විශාල බලපෑමක් ඇති කරනවා. ඒ බලපෑම ඇති නොවෙන්න ජනාධිපතිතුමා විසින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ පිළිබඳ ඉදිරි කාලය තුළ දී කොහොමද ණයහිමියන්ගේ මේ වැඩසටහන ආරක්ෂා කරගෙන වැඩසටහන ආරක්ෂා කරන්නේ කියන දේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.”

මේ අතර දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ඊයේ (31) පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය වාරිකය පිළිබඳව සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් සහ හර්ෂ ද සිල්වා යන අයද සහභාගී වී තිබේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...