spot_img
spot_img

ඉරානයට අලුත් ජනාධිපතිවරයෙක්

ඉරාන ජනාධිපතිවරණයේ අවසන් වූ දෙවන වටයෙන් ඉරානයේ හෘද ශල්‍ය වෛද්‍යවරයකු සහ නීති සම්පාදකයෙකු වන මසූද් පෙසෙකියන් විසින් ගතානුගතික දේශපාලනඥයෙක් වන සයිඩ් ජලිලි අභිබවා ජයග්‍රහණය කර ඇති බව වාර්තා වෙනවා.

බලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද ඡන්ද ගණන් කිරීමෙන් පසු ජලිලිගේ මිලියන 13.5ට සංඛ්‍යාවට වඩා ඡන්ද මිලියන 16.3 ක් ලබා ගනිමින් මසූද් පෙසෙ කියන් ජයග්‍රහණය කර තිබෙනවා.

ජනාධිපතිවරණයේ දෙවන වටයේ ආරම්භය පසුගිය මස 28 වනදා සිදු වූ අතර, පළමු වටයෙන් කිසිවෙකුට සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකි වී තිබුණේ නැහැ.

මෙලෙස ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට ඡන්ද වීමසීමක් පැවැත්වූයේ පසුගිය මැයි මාසයේදී ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගුවන් අනතුරකින් මිය යාමත් සමගයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...