Thursday, May 7, 2026
spot_img
spot_img

මේ වසරේ වැටුප් වැඩි කරන්න බැහැ – ජනපති

රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් මේ වසරේ සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙම වර්ෂයේ මැතිවරණ කාලසීමාවක් එළඹෙන බැවින් එය සිදුකළ නොහැකි බව ජනපතිවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ උත්සවයට අද (06) වැල්ලවායේදී එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ වැටුප් වැඩි කළ හැක්කේ ලබන වසරේ අයවැය හරහා බවයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාතේ ප්‍රජා පොලිස් කමිටු බලගැන්වීමේ පළමු සැසිය ද ආරම්භ කෙරුණා.

උත්සවය පැවැත්වුණේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී ය.

මෙම ප්‍රජා පොලිස් කමිටු, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් රට පුරා දියත් කර තිබෙන “යුක්තිය” මෙහෙයුම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...