Wednesday, May 6, 2026
spot_img
spot_img

දයාසිරිගෙන් පොලීසියට පැමිණිල්ලක්

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  දයාසිරි ජයසේකර මහතා අද (06) මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළුවීමට බාධා කිරීම  සම්බන්ධයෙන් ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

නිදහස් පක්ෂ මූලස්ථානයට ඊයේ (05) පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස පක්ෂ මූලස්ථානය ඉදිරිපිට දී වැඩභාර ගැනීමට කටයුතු කළා.

එහිදී පක්ෂ මූලස්ථානයට දොරගුණු දමා අති බැවින් ඔහු පක්ෂ මුලස්ථානය පිටදදී වැඩභාර ගෙන ගැනීමට පියවර ගෙන තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයා සිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් හා එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එහි හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් ගෙන තිබූ තීරණය වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පෙරේදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

එම, අධිකරණ නියෝගය නිකුත් කර පැය 24ක් යන්නටත් මත්තෙන් නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටු වීමටද පියවර ගත්තා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...