spot_img
spot_img

ලෝක ශූරතාවය දිනූ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා.

ඒ ලකුණු 13කින් ඉන්දියාව පරාජයට පත් කරමින්.

ද තරගයේ සිම්බාබ්වේ Harare Sports Club, Harare හිදී ආරම්භ වූ අතර, කාසියේ වාසිය හිමි කරගත් ඉන්දියාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව, පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 115ක් රැස් කිරීමට සමත් වුණා.

Clive Madande ලකුණු 29ක්ද, Dion Myers ලකුණු 23ක්ද, Brian Bennett ලකුණු 22ක්ද, Wessly Madhevere ලකුණු 21 ක්ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ Ravi Bishnoi කඩුලු 04ක්ද, Washington Sundar කඩුලු 02ක්ද, Avesh Khan සහ Mukesh Kumar එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

අනතුරුව ලකුණු 116 ක තරම් පහසු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සිම්බාබ්වේ පන්දු යවන්නන් හමුවේ දැඩි ලෙස අසරණ වෙමින් පන්දුවාර 19යි පන්දු 05ක් හමුවේ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුණේ ලකුණු 102 ක් පමණයි.

නායක Shubman Gill ලකුණු 31ක්ද, Washington Sundar ලකුණු 27ක්ද, Avesh Khan ලකුණු 16 ක් පමණක් වන අතර, වෙනත් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවට හෝ ලඟා වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

Tendai Chatara Sikandar Raza කඩුලු 03 බැගින්ද, Brian Bennett, Wellington Masakadza, Blessing Muzarabani සහ Luke Jongwe එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...