spot_img
spot_img

ඊළඟ ඡන්දෙට ඇඟිලි පාට කරන්න ඕනේ නැහැ – පැෆරල්

මැතිවරණයකදී ඇඟිලි පාට කිරීමේ ක්‍රමවේදය තවදුරටත් අනවශ්‍ය බව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

‘මව්බිම’ වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා ඇත්තේ මැතිවරණ ක්‍රියාවලියේදී 2010 වසරෙන් පසු පුද්ගලයන් ලියාපදිංචි කිරීම පරිගණක ගත කර තිබෙන නිසා යම් පුද්ගලයෙක් ස්ථාන දෙකකදී ඡන්දය දීම සටහන් වුවහොත් නිලධාරීන්ගේ අධීක්ෂණයට යටත් වන බවයි.

ඒ අනුව, ඇඟිලි පාට කිරීමේ අවශ්‍යතාව නොමැති බවත් ඒ සඳහා යන්නාවූ වියදම අවම කර ගැනීමට හැකියාවක් පවතින බවත් ඔහු අවධාරණය කළා.

මින් පෙරදී ඇඟිලි පාට කිරීම භාවිතයට පැමිණියේ එක් ඡන්ද දායකයෙක් ස්ථාන දෙකකදී ඡන්දය භාවිත කිරීම යන පදනමින් බව ඔහු පවසා සිටියා.

පුද්ගල ලියාපදිංචිය පරිගණක ගත වීමෙන් මෙම තාක්ෂණයේ සහායෙන් සමාන නම් හඳුනා ගන්නා බවත් හැඳුනුුම්පත් අංක ආදිය පරීක්ෂාවට ලක්වන නිසා පුද්ගල ඡන්දයක් ස්ථාන දෙකකදී සටහන් වීමට කිසිසේත් ඉඩ නොමැති බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා.

එබැවින් ඇඟිලි පාට කිරීම පිළිබඳව නීති සංශෝධනයක් අවශ්‍ය බව රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...