Sunday, June 7, 2026
spot_img
spot_img

ඉමියුන්ග්ලොබියුලින් බෙහෙත් හදලා තියෙන්නෙ පලතුරු හදන මැශින් එකකින්

ආන්දෝලනාත්මක ඉමියුනිග්ලෝබියුලීන් වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයා, එම ඖෂධ මෙරටට ගෙන්වා නැති බවත්, තමන්ටම අයත් කර්මාන්ත ශාලාවක් තුළ දී එම ඖෂධ නිෂ්පාදනය කර ඇති බවත් වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් තවත් අනාවරණයක් නවතම විගණන වාර්තාවකින් හෙළි වී ඇති බවත් වාර්තා වනවා.

එනම්, අදාල ව්‍යාපාරිකයා මෙම ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා භාවිතා කර ඇත්තේ පළතුරු බීම නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර බවයි.

ඉමියුනිග්ලෝබියුලීන් වැනි සංකීර්ණ ඖෂධයක් නිෂ්පාදනය කිරීමට තරම් දියුණු කර්මාන්ත ශාලාවක් රට තුළ නැති බව මීට පෙරද පාර්ශ්ව කිහිපයක් පවසා තිබුණා.

ඒ, එය ඉතාම සංකීර්ණ නිෂ්පාදන ක්‍රියාවලියක් වන බැවින්.

ආන්දෝලනාත්මක ව්‍යාපාරිකයා විසින් ඉමියුනිග්ලෝබියුලීන් නමැති ප්‍රතිදේශ ඖෂධය මෙන්ම, පිළිකාව සදහා භාවිතා කරන රිටුක්සිමැබ් නමැති ඖෂධයද ඔහුගේ කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය කර ඇති බවත්, ඒවා කිසිසේත්ම අවශ්‍ය ප්‍රමිතියට නොතිබෙන බවත් වාර්තා වනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...