තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ලිපි ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇතැයි වෘත්තීය සමිති පවසනවා.
ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, එම ලිපි ඉදිරි දින දෙක ඇතුළත බෙදා හරින බවයි.
සේවක බඳවා ගැනීම් ඇතුළු තම ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමට ලබන 24 වැනිදා දක්වා රජයට කල් ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කළා.
පැය 24ක තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ මැදියම් රැයෙන් අවසන් වී තිබුණා.
Comments




