නීතිවිරෝධී ලෙස වැරදි තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර මෙරටට ගෙන්වීමෙන් පසුව අල්ලස් කොමිසම භාරයට ගන ලැබූ සුඛෝපභෝගී වාහන පහක් ශ්‍රී ලංකා රේගුව වෙත භාරදෙන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
රුපියල් කෝටි 60ක පමණ වටිනාකමකින් යුත් මෙම වාහන නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒම නිසා රජයට රුපියල් මිලියන 300ක පමණ බදු අහිමි වූ බවත් අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබිණා.
මෙම වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව මීට පෙර අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ නියෝග මත ඒවා තම භාරයට ගැනීමට අල්ලස් කොමිසම විසින් කටයුතු කර තිබිණා.
ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන සිදුකිරීමට අවශ්‍ය බවට අල්ලස් කොමිසම කළ දැනුම් දීම පිළිගත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාළ වාහන ශ්‍රී ලංකා රේගුවට භාරදෙන ලෙසත් නියෝග කළා.




