Friday, June 5, 2026
spot_img
spot_img

මැතිවරණය පැවැත්වීමට පොලීසියෙන් කිසිඳු බාධාවක් නෑ

මැතිවරණය පැවැත්වීම සඳහා පොලිසියෙන් කිසිදු බාධාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
අවශ්‍ය සහාය පොලිසියෙන් ලබාදෙන බව එහි ලේකම් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ ය.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව අවශ්‍ය ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් අවශ්‍ය පරිදි යොදවන ලෙස තමා මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට ලිපියක් මගින් දැනුම් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පවසයි.

මැතිවරණයෙහි ආරක්ෂක විදි විදාන පෙර මැතිවරණවල දී මෙන් ම මෙවර මැතිවරණයේත් ක්‍රමවත්ව පනවන බව ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙනු ලබයි.

ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය පොලිස් නිළධාරින් ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊයේ (31) එකඟතාව පළ කළේ ය.

ඒ ඊයේ පස්වරුවේ මැතිවරණ කොමිසමට පැමිණ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...