spot_img
spot_img

IMF දූත පිරිසක් ලංකාවට

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ආර්ථිකයේ වර්ධනයට බාධාවක් නොවන අයුරින් එළැඹෙන මැතිවරණ සමය ගෙවී යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

“අපි තුන්වැනි වාරිකය නිදහස් කරගැනීමට අදාළ දෙවැනි සමාලෝචනය අවසන් වූ පසු තුන්වැනි සමාලෝචනයට සූදානම්විය යුතුයි. නමුත් මෙය තුන්වැනි සමාලෝචනයට අදාළ දුත මණ්ඩල සාකච්ඡාවක් නොවෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රගතිය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න දූත මණ්ඩලය ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. අපි බලාපොරොත්තු වෙන්නේ දැනට ඇති කරගෙන තිබෙන ස්ථාවරත්වය සහ මේ වසරේ මුල් කාර්තුවේ 5.1%ක ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරලා තියෙනවා. මෙය වර්ෂය පුරා පවත්වා ගැනීම අපේ අපේක්ෂාවයි. බොහෝ පුරෝකථන කිව්වේ 2%ක වර්ධනයක් කියලා නමුත් මේ වසර තුළ 3%ත් 3.5%ත් අතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගන්න. අපි විශ්වාස කරනවා මැතිවරණ සමය ආර්ථිකය වර්ධනයට බාධාවක් නොවේවි. එහෙම බාධාවක් නොවුණොත් මේ වසර තුළ 3.5%ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගන්නවා. ඒක සුවිශේෂ තත්ත්වයක්. 2022දී ආර්ථිකයේ හැකිළීම 7.8%ක් වුණා එය 3.5% දක්වා වර්ධනය කරගැනීම තීරණාත්මකයි”.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...