spot_img
spot_img

LPL අවසන් මහා තරගය අද

2024, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරග අද (21) කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ, ජැෆ්නා කිංග්ස් සහ ගෝල් මාර්වල් කණ්ඩායම් අතර අද රාත්‍රී 7.30 ට ැාරම්භ වනවා.

මෙම තරගයේ දී ජැෆ්නා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමිව ඇති අතර ගාලු කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ නිරෝෂන් දික්වැල්ල විසින්.

මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ගෝල් මාර්වල් කණ්ඩායම පළමු Qualifier තරගයේ දී එහි දෙවන ස්ථානයේ පසු වූ ජැෆ්නා කණ්ඩායම කඩුලු 07කින් පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ, දෙවන Qualifier තරගයේ දී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත් කරමින්.

ජැෆ්නා කණ්ඩායම අවස්ථා තුනක දී ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාවලිය දිනාගෙන තිබීමත් විශේෂත්වයක්.

‌ගෝල් කණ්ඩායම අවස්ථා දෙකක දී අනුශූරයින් බවට පත් වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...