spot_img
spot_img

මහින්දානන්දට එරෙහි නඩුවේ තීන්දුව අප්‍රේල් 30

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ගොණුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මේ මස 30 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කරනු ලැබුවා.

මෙම නඩුවේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු අතර මහාධිකරණ විනිසුරු නවරත්න මහරසිංහ මහතා සඳහන් කළේ එහි තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 30 වන දා සිදු කරන බවයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...