Monday, April 20, 2026
spot_img
spot_img

සෞඛ්‍ය වෘත්තීය සමිති යළි පාරට?

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක සාමාජිකයන් සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව සකස් කළ තාක්ෂණික වාර්තාව ඉතා ඉක්මනින් මුදල් අමාත්‍යංශයට භාර දුන් බවත් තවදුරටත් සිය ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුමක් ලබා දීමට අපොහොසත් වන්නේ නම් ඉදිරි සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම ඊයේ (06) සඳහන් කළේ ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා මුදල් අමාත්‍යංශය ඉල්ලා සිටි තාක්ෂණික වාර්තාව ඉතා කඩිනමින් සකස් කර සෞඛ්‍ය අමාත්‍යංශයේ සහයෝගය ඇතිව භාර දුන් බවත් එම කාලය ඇතුළත සිය වෘත්තීය ක්‍රියාමාර්ග සතියක පමණ කාලයක් සඳහා තාවකාලිකව නවතා දැමූ බවයි.

වෛද්‍යවරුන්ට ලබා දෙන 35,000ක ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක සාමාජිකයන් පසුගියදා වර්ජනයක නිරත වුණා.

පසුව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර පැවති සාකච්ජාවක් පවත්වා එය තාවකාලිකව නවතා දැමු අතර මෙම ඉල්ලිම සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා විශේෂ කමිටුවක්ද මේ වන විට පත්කර තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...