Monday, April 20, 2026
spot_img
spot_img

ළමා අපයෝජකයින්ගේ නම් ලැයිස්තුවක් හදනවා-ළමා ආරක්ෂක අධිකාරිය

ළමා ලිංගික අපයෝජන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, අදාළ පුද්ගලයින්ගෙන් ළමුන්ට පවතින අවදානම පිළිබඳව සලකා බලා මෙම පියවර ගෙන ඇති බවයි.

පසුගිය වසර තුළ ළමුන් සම්බන්ධයෙන් සිදුවු ලිංගික අපයෝජන සිද්ධීන්වල යම් වර්ධනයක් පෙන්නුම් කරන බව ද උදය කුමාර අමරසිංහ මහතා මෙහිදි සඳහන් කළා.

මේ අතර ලංකාව පුරා 2022 වර්ෂයේ අවුරුදු 18ට අඩු වයසේ පසුවන ගැහැනු දරුවන් දූෂණ සිද්ධීන් 1,618ක් වාර්තා වී ඇති අතර, මෙය 2023 වසර වෙන විට 1,639ක්.

එමෙන්ම ලිංගික අතවර සිදුවීම් 2022 වසරේ දී 1,232ක් වාර්තා වී ඇති අතර, 2023 වසරේ දී එවැනි සිදුවීම් 1,497 දක්වා ඉහළ ඉහළ ගොස් තිබෙන බව ඒ මහතා පවසනවා.

ඊට අමතරව දරුවන්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීමේ සිද්ධි 2022 වසරේ දී 13කුත් 2023 වසරේ දී 22කුත් වාර්තා වී තිබෙන බව අමරසිංහ මහතා කියා සිටියා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ.

“ළමා අපයෝජන වැරදිවලට විශේෂයෙන්ම ලිංගික අපයෝජන වැරදිවලට වරදකරු වෙලා, දඬුවම් විඳලා නැවත ළමයි ඉන්න පරිශ්‍රයන්ට එන අය සාපේක්ෂව ළමයින්ට අවදානමක් තියෙනවා. ඒ නිසා මේවා සීමා කරන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ. අපි ක්‍රම කිහිපයක් මේ වනවිට යෝජනා කරලා තියෙනවා. ළමා ආරක්ෂක අධිකාරිය සැලසුම් කරගෙන යනවා ළමා අපයෝජන වරදකරුවන්ගේ ලේඛනයක් හදන්න. ඒ අය නිදහස් වුණත් අවශ්‍ය අයට විතරක් ඒ තොරතුරු ගන්න පුළුවන්. දෙවනුව අපි සාකච්ඡා කරගෙන යනවා ලිංගික අපයෝජනයන් තුළ බරපතළ අපයෝජන සිද්ධිවලට වරදකරුවන් වන තැනැත්තන් දඬුවම් කාලය අවසන් කරලා ආවත් ඔවුන් දරුවන් සමග ඍජුවම ගනුදෙනු කරන පරිශ්‍රයන්ට ඇතුළු වීම සීමා කිරීමට හෝ වැළැක්වීමට නීතිමය ප්‍රතිපාදන ගෙන ආ හැකිද යන්න පිළිබඳව.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...