spot_img
spot_img

සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් අඛණ්ඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් වරක් ලබන 09 වනදා සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ, ආර්ථික යුක්තිය ඉටුකිරීමට අදාළව වෘත්තීය සමිති 72කින් යුත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මාස 04ක සිට සිදුකළ අරගලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමනා ලබාදෙන බවට ලබාදුන් ලිඛිත පොරොන්දුව මත පසුගිය අප්‍රේල් මස තාවකාලිකව නවතා දැමූ බවයි.

කෙසේ වෙතත් මේ වනවිටත් එම එකඟතා නිවැරදි ආකාරයෙන් ඉටු නොවීම හේතුවෙන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට අද (08) දින තීරණය කළ බවයි එම වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව රෝගීන්ට සිදුවන බලපෑම සලකා දීපව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කිරීම වෙනුවට 09 වෙනිදා සිට පළාත් වශයෙන් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල රාජකාරියෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන රෝහල් පිළිබඳ විස්තර පහතින් දැක්වේ.

09 – උතුරු මැද පළාත
13 – මධ්‍යම පළාත
14 – සබරගමුව පළාත
15 – වයඹ පළාත
16 – දකුණු පළාත
20 – ඌව පළාත
21 – බස්නාහිර පළාත යනාදී වශයෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනු ලබනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...