spot_img
spot_img

ගැමි ජය පදනමින් රුක් රෝපණ වැඩසටහනක්

විනාශ වී යන වන ගහණය නැවත ඇති කිරීමේ අරමුණින් ගැමි ජය පදනම මගින් සංවිධානය කළ රුක් රෝපණ වැඩසටහනක් ගිරිඋල්ල භාරංග මුව රක්ෂිතයේ දී පසුගියදා ආරම්භ කරනු ලැබුවා.

දිවංගත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව ගාමිණී ජයවික්‍රම පෙරේරා පදනම මගින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමේ අරමුණින් ඒ මහතාගේ පුත් හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී කටුගම්පල ආසන එක්සත් ජාතික පක්ෂ සම සංවිධායක අසංක පෙරේරා මහතා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබනවා.

පන්නල ප්‍රාදේශීය ලේකම් නීතිඥ සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රුක් රෝපණ වැඩසටහනේ දී කුඹුක් මී කොස්, මගුල්කරද වැනි පැළ වර්ග 200කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රථම අදියරේ දී රක්ෂිතය තුළ රෝපණය කරනු ලැබුවා.

මෙම අවස්ථාවට පන්නල ප්‍රාද්ශීය ලේකම් නීතිඥ සමන්ත චිත්‍රමරත්න බණ්ඩාර, හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී කටුගම්පල ආසන එක්සත් ජාතික පක්ෂ සම සංවිධායක අසංක පෙරේරා යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරීන්, තරුණ තරුණියන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වී සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...