ක්‍රීඩා අමාත්‍යංශය යනු ක්‍රිකට් පමණක් නොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඔහු පවසන්නේ ක්‍රීඩා අමාත්‍යංශය ට ක්‍රීඩා 73ක් සම්බන්ධයෙන් කටයුතු තිබෙන බවයි.
අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ…”පසුගියදා රෙගුලාසියක් දැම්මා. එම රෙගුලාසිය අනූව විධායක කමිටුවක අවුරුදු 16ක් හිටියොත් එයාට සභාපති වෙන්න බෑ. මම දන්න තරමින් ශම්මි සිල්වා 16 ඉඳලත් ඉවරයි. ඊළඟට ඔහුට ඉල්ලන්න බෑ. මේ තියෙන්නේ පෞද්ගලික වෛරයක්.”
ඔහු තවදුරටත් පැවසුවේ ක්‍රිකට් කණ්ඩායම පැරදෙන විට සියලුදෙනා ඇමතිවරයාට බනින බවයි.
“කොහේවත් යන බර කරත්තයක් මගේ කරපිට තිබ්බා. වර්ල්ඩ් කප් එකේ ගහපු මැච් 3න් 2ක් පැරදුනාම නිදාගෙන හිටිය අය නැවතත් නැගිටලා. භාරගත්ත ගමන් ටුවර් තුනම දින්නා. හොඳයි කිව්වේ නෑ. දිනන කොට ක්‍රීඩකයෝ…පරදින කොට ඇමතියා.”




